Update: ජනපති නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට තීරණයක් දෙයි

Sunday, 23 August 2015 - 19:00

Update%3A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැමති මන්ත්‍රීවරුන්ට ජාතික ආණ්ඩුවට එක් විය හැක. අනෙක් මන්ත්‍රීවරුන්ව කල්ලි නොගස්සා විපක්ෂය විදියට සිටිය හැක. මන්ත්‍රීවරුන් සමඟ කළ රැස්වීමේදී ජනපති කියයි - ආරංචි මාර්ග.

Update : Sunday, 23 August 2015 - 19:56
..........................................................................................

නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ජනපතිගෙන් හදිසි කැදවීමක්

පාර්ලිමේන්තුවට තේරි පත් වූ නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර විශේෂ සාච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වෙනවා. ජනාධිපති නිල නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. නිදහස් පක්ෂය ඉදිරියේදී ගන්නා දේශපාලන තීරණ මෙහිදී ජනාධිපතිවරයා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් වෙත දැනුම්දෙනු ඇති බව එම ප්‍රකාශකයා සඳහන් කළා.  

මේ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානය විසුරුවා හැරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා පළ වී තිබුණා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ හිටපු අමාත්‍ය ටී.බී ඒකනායක ද කියා සිටියේ නිදහස් සන්ධානය විසුරුවා හැරීමේ සූදානමක් පවතින බවට තමන්ට ද තොරතුරු වාර්තා වී ඇති බවයි.

කෙසේ වෙතත්, මෙවර නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සඳහන් කර සිටියේ නිදහස් සන්ධානය විසුරුවා හැරීමේ හැකියාවක් නොමැති බවයි. එහෙත්, එය අකර්මන්‍ය කිරීමට තීරණයක් ගෙන ඇති බව ඔහු ප්‍රකාශ කළා.