සුසිල්ට එරෙහිව නඩු දමන බව ජානිපෙ කියයි

Sunday, 23 August 2015 - 19:11

%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94+%E0%B6%AF%E0%B6%B8%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුව සකස් කිරීම සම්බන්ධයෙන් හිටපු මහලේකම් සුසිල් ප්‍රේමජයන්තට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණ පවසනවා. නාරාහේන්පිට අභයාරාමයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පියසිරි විජේනායක සදහන් කළේ ඉතා කුමන්ත්‍රණකාරි ලෙස සන්ධානයේ ජනතා අයිතිය මේ තුළින් පාවාදීමකට ලක්කර ඇති බවයි.