ජාතික ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර 50ක් - එජාපයට 33ක් - නිදහස් පක්ෂයට 17ක්

Monday, 24 August 2015 - 7:36

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB+50%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7+33%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+17%E0%B6%9A%E0%B7%8A
ඉදිරියේදී බිහි වන ජාතික ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 50ක් විය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක, හිටපු අමාත්‍ය රවී කරුණානායක පවසනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එහිදී එක්සත් ජාතික පක්ෂයට අමාත්‍ය ධුර 33කුත්, ඉතිරි 17 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් හිමි වනු ඇති බවයි. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී හිටපු අමාත්‍ය රවී කරුණානායක වැඩිදුරටත් කියා සිටියේ පළමුව කැබිනට් ඇමතිවරු 30 දෙනෙකු පත් කර ඉන් අනතුරුව පාර්ලිමේන්තුව රැස්වී සෙසු පිරිස පත් කර ගන්නා බවයි. ඊට අදාළව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡා පැවැත්වෙන බව ද ඔහු කියා සිටියා.