විපක්ෂ නායක ධුරයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට

Monday, 24 August 2015 - 7:57

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් තවමත් පවතින්නේ විවිධ අදහස්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ විපක්ෂ නායකවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ම පත්වීමට නියමිත බවයි. කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවද එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළා. පසුගිය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ නිමල් සිරිපාල ද සිල්වායි.

මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක ලෙස පත් කළ යුතු බව පවසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුත් ලිපියක් කථානායකවරයා වෙත භාරදීමට සූදානම් කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා හිරු ප්‍රවෘත්ති අංශයට පසුගියදා කියා සිටියේ එම අත්සන් ලේඛණයට මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 60 දෙනෙකු පමණ අත්සන් තබා ඇති බවයි.

කෙසේ වෙතත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මීට පෙර සඳහන් කළේ තමන් නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය භාර නොගෙන පසුපෙළ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට සූදානම් බවයි.