මහින්දගේ රැස්වීමකට ලක්ෂ 132ක් නාස්ති කරලා ලු

Monday, 24 August 2015 - 11:12

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+132%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F+%E0%B6%BD%E0%B7%94
පසුගිය ජනාධිපතිවරණ සමයේ මීගමුව නගර සභා පිටියේ පැවති දේශපාලන රැස්වීමක් සඳහා රාජ්‍ය මුදල් රුපියල් ලක්ෂ 132 ක් අවභාවිතා කර ඇති බවට තහවුරු වී ඇතැයි බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම පවසනවා. මෙලෙස අවභාවිත කර ඇත්තේ පසුගිය දෙසැම්බර් මස ඉදිරිපත් කළ අයවැයෙන් මීගමුව කලපුව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වෙන් කළ මුදල් බවටද අනාවරණ වී තිබෙනවා.  එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබුණේ ධීවර අමාත්‍යාංශය යටතේ පවතින ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව මගින්.

මෙම ලක්ෂ 132 ක මුදල පසුගිය දෙසැම්බර් 30 වනදා මීගමුව නගර සභා පිටියේ පැවති දේශපාලන රැස්වීමක මූල්‍ය පිරිවැය ලෙස අවභාවිතා කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. මින් ලක්ෂ 43 ක මුදලක් රැස්වීමට අදාළව කැප් තොප්පි සහ ටීෂර්ට් මුද්‍රණය කිරීමටත් ලක්ෂ 89 ක් උත්සව දිනයේ කටයුතු සඳහාත් වියදම් කර තිබෙනවා.  

මෙම සිද්ධියට අදාළව එවකට වැඩබලන ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සරත් කුමාර ගුණරත්න, ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ඇතුලූ නිලධාරීන් පිරිසකගෙන් සාක්ෂි ලබාගෙන ඇති බවයි ජනාධිපති විමර්ශන කොමිසමේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම නිලධාරීන් පස්දෙනෙකුගෙන් සමන්විතයි. එහි සභාපතිත්වය මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විසින් දරනු ලබන අතර, සෙසු සාමාජිකයන් ලෙස මහාධිකරණ විනිසුරුවරුන් වන අමේන්ද්‍ර සෙනෙවිරත්න, විකුම් කළුආරච්චි සහ ජිහාන් කුලතුංග කටයුතු කරනු ලබනවා. එමෙන්ම හිටපු විගණකාධිපති ඒ පී ප්‍රේමතිලකද කොමිසමේ තවත් සාමාජිකයෙක්.