යුද අපරාධ චෝදනා ගැන ජාත්‍යන්තර පරීක්ෂණ නෑ. - අගමැති

Monday, 24 August 2015 - 19:33

%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%B1%E0%B7%91.+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92
ශ්‍රී ලංකාවේ සිදුව ඇතැයි පැවසෙන යුද අපරාධ චෝදනා ගැන ජාත්‍යන්තර පරීක්ෂණයකට නීතිමය පසුබිමක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. හින්දු පුවත්පත සමඟ සාකච්ඡාවක එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාව රෝම ප්‍රඥප්තියට අත්සන් තබා නොමැති හෙයින් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට හැකියාවක් නොමැති බවයි. කෙසේ වුවත් යුද අපරාධ සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණයක් පැවැත්වීමේ හැකියාවක් පවතින බව අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා. පසුගිය සමයේ මෙරට අධිකරණ පද්ධතිය පිළිබඳව ඇති වූ අවිශ්වාසය ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතුය, යන අදහස නිර්මාණය වීමට බලපෑ බව ද එහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.

මේ අතර, හින්දු පුවත්පත වෙනුවෙන් සාකච්ඡාවට එක්වූ මාධ්‍යවේදියා, බලය බෙදීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගෙන් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු සඳහන් කර ඇත්තේ සියලූ පාර්ශව සමඟ සාකච්ඡා කර ඒ පිළිබඳව තීරණයක් ගැනීමට කටයුතු කරන බවයි. එහිදී ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක මෙන්ම දෙමළ ජාතික සන්ධානය, තුන්වන පාර්ශවයක් ලෙස සාකච්ඡාවට එක්වනු ඇති බවටයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට මෙරට පුරවැසි බලවේග දැඩි ඉල්ලීමක් කර ඇති බවයි අගමැතිවරයා එම සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. කෙසේ වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ සම්බන්ධයෙන් යම් විරෝධයක් දක්වන බව ද අගමැතිවරයා එහිදී සදහන් කර තිබෙනවා.