කිරිඇල්ලට සහ ගයන්තට විශේෂ තනතුරු දෙකක්

Tuesday, 25 August 2015 - 8:16

%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A
08 වන පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස හිටපු අමාත්‍ය ගයන්ත කරුණාතිලක යලිත් පත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා. ජනවාරි මස 08 වැනිදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තනතුරට පත් වීමෙන් පසුව පත් වූ නව රජයේ සභානායක සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ ද මොවුන් දෙදෙනායි. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.