Update: පිටු දෙකක කෙටියෙන් ලියා සුසිල් ඉල්ලා අස්වෙයි

Tuesday, 25 August 2015 - 13:13

Update%3A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A++%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් ධුරයෙන් හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද (25) ඉල්ලා අස්වුණා. ඒ, නිදහස් සන්ධානයේ නායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමුකරමින්. පිටු දෙකකින් සමන්විත එම ලිපිය මගින් නිදහස් සන්ධානය පිහිටු වූ 2004 පෙබරවාරි 11 වනදා සිට මේ දක්වා එහි ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කළ ආකාරය පිළිබඳවද කෙටියෙන් දක්වා තිබෙනවා.

1978 න් පසු පැවති පාර්ලිමේන්තු මැතිවරණයකදී විපක්ෂයක් විසින් ලබාගත් වැඩිම මන්ත්‍රීධුර සංඛ්‍යාව මෙවර සන්ධානයට ලබාගත හැකිවීම පාර්ලිමේන්තුවේ බලතුලනය සඳහා වැදගත් වූ බව ඔහු සිය ලිපියෙන් පෙන්වා දෙනවා.

 මේ අතර, පසුගිය දින කිහිපය තුළ සන්ධානයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කිරීමේදී ඇතිවු නෛතික සීමාවන් හේතුවෙන් ගනු ලැබූ ඇතැම් තීරණ සඳහා තමාගේ ක්‍රියාකාරී දායකත්වයක් නොතිබූ බවද ඔහු ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ තවදුරටත් සඳහන්.

ජනාධිපතිවරයා ලෙසත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස හා සන්ධානයේ නායකයා ලෙසත්, රට වෙනුවෙන් සහ පක්ෂය වෙනුවෙන් තවදුරටත් ඉටු කිරීමට තිබෙන සුවිශාල කාර්යභාරය වෙනුවෙන් ජනාධිපතිවරයාට ශක්තිය හා ධෛර්යය ලැබේවායී ඔහු සිය ලිපිය අවසානයේ ප්‍රාර්ථනා කර තිබෙනවා.

මේ අතර, නිදහස් සන්ධානයේ ඇතැම් හවුල්කාර පක්ෂ නියෝජිතයන් විසින් කරුණු හරි හැටි වටහා නොගෙන ජනතාව නොමඟ යවන මාධ්‍ය  ප්‍රකාශ හා මාධ්‍ය සාකච්ඡා  පැවැත්වීම පිළිබඳවද  ප්‍රධාන ලේකම්වරයා සිය ලිපියෙන් කණගාටුව පළ කළා.

මේ අතර ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර නම් කිරීමේදී මතුවූ තත්ත්වය සම්බන්ධයෙන් සන්ධානයේ හිටපු  ප්‍රධාන ලේකම් සුසිල් ප්‍රේමජයන්තගේ මාධ්‍ය ඒකකය අවස්ථා දෙකකදී මීට පෙර නිවේදන නිකුත් කළා.

 පසුගිය 22 වනදා නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලයිස්තුවට සන්ධාන හවුල්කාර පක්ෂවල අත්‍යාවශ්‍ය නියෝජිතයන් පත්කිරීම සිදු නොවීම ගැන හිටපු  ප්‍රධාන ලේකම්වරයාගේ පුද්ගලික කණගාටුව පළ කරන බවයි.

ජාතික ලයිස්තු මන්ත්‍රීධුර සම්බන්ධයෙන් විවිධ පාර්ශව එල්ල කරන චෝදනා පිලිබද සන්ධාන හිටපු  ප්‍රධාන ලේකම් සුසිල් ප්‍රේමජයන්තගේ මාධ්‍ය ඒකකය ඊයේ (24) නිවේදනයක් නිකුත් කළා.

නිවේදනයේ දැක්වුණේ  නිදහස් පක්ෂය සහ සන්ධානයේ පක්ෂ බුලත්කොලය යටතේ තරග නොකළානම් ඇතැම් පක්ෂවල  ප්‍රතිඵලය මීට වඩා බොහෝ වෙනස්වීමට ඉඩ තිබූ බවයි.

මෙම මැතිවරණයේදී වැඩිම වාසිය අත් කර ගත් සන්ධානයේ හවුල්කාර දේශපාලන පක්ෂවලින්ම නිර්දය විවේචන එල්ල වීම සදාචාරාත්මක නොවන බවද එහි සඳහන් වුණා.