සජින් වාස් සැප්තැම්බර් 8 දක්වා යළි රිමාන්ඩ්

Tuesday, 25 August 2015 - 13:27

%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+8+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 23ක් සාපරාධී, සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කළා. කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවේ අද මෙම නඩුව කැදවූ අවස්ථාවේදී විනිසුරුවරයා නියෝග කළේ විත්තිකාර හිටපු මන්ත්‍රීවරයා ලබන මස 8 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි. ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන සාපරාධී, සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව යටතේ සජින් වාස් ගුණවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මැයි මස 11 වැනිදායි.