විදේශ අමාත්‍ය මංගල සමරවීර සිය ධුරයේ වැඩ භාරගනී

Tuesday, 25 August 2015 - 16:55

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
විදේශ අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අමාත්‍ය මංගල සමරවීර අද උදෑසන සිය ධුරයේ වැඩභාරගත්තා. අමාත්‍යවරයා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ඊයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නා. මීට පෙර 2005 වසරේ නොවැම්බර් මස සිට 2007 වසරේ ජනවාරි දක්වාත්, මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වාත් මංගල සමරවීර විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබෙනවා. අද සිය අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ වෙළඳ, සංචාරක හා ආයෝජන ප්‍රවර්ධනය කේන්ද්‍ර කරගත් රාජතාන්ත්‍රික ආර්ථික ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වා දෙන බවයි.