ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කිරීමේදී විධිමත් නිර්නායක අවශ්‍යයි - නිරීක්ෂකයන්

Wednesday, 26 August 2015 - 7:30

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A
ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර නම් කිරීම සඳහා විධිමත් නිර්නායකයන් සකස් කිරීමට පියවර ගත යුතු බව පැෆ්රල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ මැතිවරණයකින් අනතුරුව ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර පත් කිරීමේ ප්‍රධාන අරමුණ සාක්ෂාත් වන පරිදි මෙම නිර්නායක සකස් කළ යුතු බවයි.

ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් සමාජයේ මේ දිනවල පවතින්නේ පුළුල් සංවාදයක්. එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රී ධූර 12ක් හිමි වූ අතර ඒ සඳහා නම් කළ 07 දෙනෙකු මෙවර මැතිවරණයට ඉදිරිපත්ව පරාජයට පත්වූවන්. ජනතා විමුක්ති පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකක් හිමි වූ අතර ඉන් එක් මන්ත්‍රී ධුරයට නම් කර තිබුණේ පරාජිත අපේක්ෂ්කයෙක්. එසේම එක්සත් ජාතික පක්ෂ ජාතික ලයිස්තුවටද එක් පරාජිත අපේක්ෂකයෙක් ඇතුළත් වුණා. ඔහු හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් නායකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග්‍රසයෙන් පුත්තලම දිස්ත්‍රික්කයට තරඟ කර පරාජයට පත්වූවෙක් වීම ද විශේෂත්වයක්.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක සඳහා මැතිවරණයට තරඟ කර පරාජයට පත් වූ අපේක්ෂකයන් දෙදෙනෙකු නම් කර තිබෙනවා. මෙම තත්ත්වයන්  පිළිබඳව දේශපාලන පක්ෂ මෙන්ම ඇතැම් සිවිල් සංවිධානද පසුගිය දින කිහිපය තුළ විවිධ අදහස් පළ කළා.