ජාතික ආණ්ඩුවේ ඇමති ධුර බෙදීමේ, එජාප - නිදහස් පක්ෂ සාකච්ඡා තවදුරටත්

Wednesday, 26 August 2015 - 13:04

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%9A%2C+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+-+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
ජාතික ආණ්ඩුව සහ ඇමති ධුර සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවැත්වෙන සාකච්ඡා මෙතෙක් අවසන් වී නැහැ. පවතින තත්ත්වය තුල ඉදිරි ජාතික ආණ්ඩුවට එක්සත් ජාතික පක්ෂයෙන් පත් කිරීමට නියමිත අමාත්‍යවරුන් පමණක් බොහෝ දුරට හෙට දිනයේ දිවුරුම් දෙනු ඇති බවයි එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුව තුල අමාත්‍ය ධූර ලබා ගන්නේ නම් එම පක්ෂයේ සියලූ මන්ත්‍රීවරුන් රජයට සහයෝගය දැක්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය වී ඇතැයි වාර්තා වනවා. කෙසේ වෙතත් ප්‍රධාන අමාත්‍ය ධූර පිළිබඳ ඉදිරිපත් කර ඇති යෝජනාවට යහපත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ශවයෙන් අමාත්‍ය ධූර භාර ගැනීම පිළිබඳව සෑහීමකට පත් නොවන තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.

කෙසේ වෙතත්, විපක්ෂය නම්‍යශීලි නොවුණහොත් එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් පිහිට වීමට හැකියාවක් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් හිටපු අමාත්‍ය කබීර් හෂීම් ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළා.  

එහෙත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක පක්ෂ මූලස්ථානය අසලදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ අමාත්‍ය ධූර ලබා ගැනීම සම්බන්ධයෙන් තම පක්ෂයට ගැටළුවක් නොමැති බවයි.

ජාතික ආණ්ඩුව පිළිබඳව සාකච්ජා කිහිපයක් එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ්‍යෂ්ඨයන් අතර අද දිනයේත් පැවැත්වීමට නියමිතයි. එම සාකච්ජාවල වත්මන් තත්ත්වය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සංවාදයකට එක්වෙමින් හිටපු අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ ඊයේ පස්වරුව වන විටත් ජාතික ආණ්ඩුව පිළිබඳ අවසන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වූ බවයි. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව අවසන් තීරණයකට පැමිණෙනු ඇති බව ද ඔහු සඳහන් කළා.