මත්ස්‍යයින්ට පූජා කළ හිමිනමගේ සිරුර හමුවෙයි

Wednesday, 26 August 2015 - 13:06

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මාතර - බණ්ඩත්තර පාලම අසළින් ඊයේ (25) උදෑසන නිල්වලා ගඟට පැන දිවි නසාගත් බවට සැක කෙරෙන හිමිනමගේ දේහය මාතර - හුංගම්ගොඩ තොටුපළ ආසන්නයේ ගං ඉවුරට ගොඩගසා තිබියදී අද (26) උදෑසන සොයා ගත්තා. උන්වහන්සේගේ බවට සැක කෙරෙන සිවුරක් නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම් විසින් ඊයේ පස්වරුවේ සොයා ගත්තේ ගං පත්ලේ තිබියදියි.

81ක් වියැති  හිමිනම මීට පෙර ගාල්ල - බද්දේගම - කීඹිඇල වයෝවෘද්ධ භික්ෂු විවේකාශ්‍රමයේ වාසය කර ඇති අතර, පසුගියදා උන්වහන්සේගේ නිවස පිහිටි මාතර - නාදුගල ප්‍රදේශයට පැමිණ තිබුණා.

උන්වහන්සේගේ ඥාති දියණියක වන කමලා ගමගේ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කළා. ඇය කියා සිටියේ තම සිරුර මත්ස්‍යයින්ට ආහාරයක් වීම සඳහා ගගට පනින බවට අපවත් වූ හිමිනම මීට පෙර ප්‍රකාශ කර තිබූ බවයි.