සන්ධානයේ ජාතික ලැයිස්තුවට එරෙහිව පෙත්සමක්

Wednesday, 26 August 2015 - 13:41

%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍ර‍්‍රීවරුන් ලෙස මැතිවරණයෙන් පරාජයට පත්වූ අපේක්ෂකයන් පත් කිරීම අභියෝගයට ලක් කරමින් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකෙරුණා. මෙම පෙත්සම ගොනුකර ඇත්තේ සන්ධාන ජාතික ලැයිස්තුවට ඇතුළත් වූ එහි විධායක සභික සහ මහජන එක්සත් පෙරමුණේ උප සභාපති සෝමවීර චන්ද්‍රසිරි විසින්. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැස්තුවට පරාජිත අපේක්ෂකයන් පත් කිරීමට විරෝධය පළ කරමින් ඔහු පසුගියදා නවගමුව පත්තිනි දේවාලයේදී පොල් ගසා දේව කන්නලව්වක ද නිරත වුණා.