සන්ධාන ආණ්ඩුවක් බිහි කිරීමට දිනේෂ්ගෙන් උත්සාහයක්

Wednesday, 26 August 2015 - 19:33

%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B7%84%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
තවමත් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහි කරගැනීමට උත්සාහ කරන බව සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණ පවසනවා. එහි නායක හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන්ද මෙහිදී මාධ්‍යවේදීන් ඔහුගෙන් ප්‍රශ්න කළා. ඒ පිළිබඳ ගැටළුවක් නොමැති බව ප්‍රකාශ කළ මහජන එක්සත් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ ආණ්ඩුවක් පත්වී අමාත්‍ය මණ්ඩලයක් පත් නොවීම නිසා රටට ප්‍රශ්නයක් මතුව ඇති බවයි.