අශ්වයෝ 18ක් කටුනායක එයාර්පොර්ට් එකට ඇවිත්

Thursday, 27 August 2015 - 9:34

%E0%B6%85%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%9D+18%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%91%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%A7+%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A
ශ්‍රී ලංකා පොලීසියේ සේවය සඳහා නෙදර්ලන්තයේ සිට අශ්වයන් 18 ක් මෙරටට ආනයනය කර තිබෙනවා. මෙම අශ්වයන් තරෝ බ්‍රෙඞ් වර්ගයට අයත් වන අතර, ඔවුන්ගේ මුළු වටිනාකම රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක්. කටාර් ගුවන් සේවයට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් මොවුන් මෙරටට රැගෙනවිත් තිබෙනවා. මේ වනවිට එම අශ්වයන් කටුනායක ගුවන් තොටුපලේ නිරෝධායන ආයතනයේ රඳවා ඇති අතර එහිදී සිදුකරන වෛද්‍ය පරීක්ෂණවලින් පසුව පොලීසියට භාරදීමට නියමිතයි.