මහින්ද, කබ්රාල් සහ අර්ජුනට එරෙහි පැමිණිලි ඉල්ලා අස්කරගනී

Thursday, 27 August 2015 - 13:24

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%2C+%E0%B6%9A%E0%B6%B6%E0%B7%8A%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
හිටපු ජනපති මහින්ද රාජපක්ෂට, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්ට සහ වත්මන් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව අධිකරණය හමුවේ ගොනුකර තිබූ පැමිණිලි 3 ක් පැමිණිලිකරුවන් විසින් අද ඉල්ලා අස්කරගත්තා. මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වර්තමාන මහබැංකු අධිපතිවරයාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබූ අතර හිටපු ජනාධිපතිවරයාට සහ හිටපු මහබැංකු අධිපතිවරයාට පැමිණිලි ඉදිරිපත්ව තිබුණේ මූල්‍යමය තීන්දු ගැනීම මගින් රජයට පාඩු සිදුකිරීම යන චෝදනා යටතේයි.

මෙම පැමිණිලි අධිකරණයට ඉදිරිපත්වූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය කියා සිටියේ දේශපාලන කාරණා සම්බන්ධයෙන් අධිකරණය ඈදා නොගන්නා ලෙසයි. එමෙන්ම පෙත්සම්කරුවන්ගේ එකඟතාව මත මෙම පැමිනිලි  ඉල්ලා අස්කරගන්නා ලෙසද විනිසුරුවරයා උපදෙස් ලබාදුන්නා.  පසුගිය 25 වනදා මෙම පැමිණිලි අවසන් වරට කැඳවූ අවස්ථාවේදී ප්‍රධාන විනිසුරුවරයා පැමිණිලි පාර්ශවයට දැනුම් දුන්නේ අද දිනයේදී මෙම පැමිණිලි ඉල්ලා අස්කරගන්නා ලෙසයි. ඒ අනුව මෙම පැමිණිලි තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍යතාවක් නොමැති බවට පෙත්සම්කරුවන් අධිකරණයට දැනුම්දීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය ඒවා නිශ්ප්‍රභ කළා.