02 වනදා දිවුරුම් දීම කල් යන ලකුණු

Thursday, 27 August 2015 - 14:11

02+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
නව රජයේ අමාත්‍ය මණ්ඩලය ලබන 02 වනදා දිවුරුම්දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡා කර අවසන් තීරණයක් ගනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක පවසනවා. ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 64 වන සංවත්සරය සැප්තැම්බර් 02 වනදාට යෙදී ඇති බවයි. එදිනට පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී උත්සව රැසක් සංවිධාන කර ඇති බැවින් අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම සම්බන්ධයෙන් ගැටලූවක් මතුවිය හැකි බවයි ඔහු කියා සිටියේ. එහෙත් මීට පෙර එක්සත් ජාතික පක්ෂ සභාපති, මලික් සමරවික්‍රම සඳහන් කළේ නව අමාත්‍ය මණ්ඩලය ලබන සැප්තැම්බර් 02 වනදා දිවුරුම්දීමට නියමිත බවයි.