Update: අලි රොෂාන්ගේ, අලි 5 ක් අල්ලන්න නියෝග

Thursday, 27 August 2015 - 15:11

Update%3A+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%BB%E0%B7%9C%E0%B7%82%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A%2C+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+5+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාගේ නිවසේ බලපත්‍ර නොමැතිව රඳවා ගෙන සිටින අලි පස් දෙනෙකු වහාම වහාම පොලිස් භාරයට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (27) නියෝග කළා. මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී රජයේ නීතීඥයන් කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව දීර්ඝ පරීක්ෂණයක් සිදුකර ඇති බවයි. එම පරීක්ෂණවලදී, අලි රොෂාන් නමැත්තා අලි පස් දෙනෙකු කැළයෙන් අල්ලාගෙනවිත් බලපත්‍ර නොමැතිව සිය ගෙවත්තේ රඳවාගෙන තිබෙන බවට අනාවරණ වී ඇති බවයි රජයේ නීතීඥයන් අධිකරණය හමුවේ අද වැඩිදුරටත් කරුණු දක්වා සිටියේ.

මීට පෙර බණ්ඩාරගම, කිරිඳිවැල සහ අලව්ව යන ප්‍රදේශවලින් වනඅලීන් හයදෙනෙකු සොයා ගැණුනා. ඒ වන අලි ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අලි රොෂාන් හෙළිකළ කරුණුවලට අනුවයි. එහිදී නීතිවිරෝධීව අලි පැටවුන් 11 දෙනෙකු රඳවාගෙන සිටින බවට කරුණු අනාවරණ වුණා. මෙම අලි පැටවුන් අවුරුදු 5 ත් 7 ත් අතර වයසේ පසුවන බවටයි දැනට සිදුකරන ලද කරුණුවලින් අනාවරණ වී ඇත්තේ.

Update: Thursday, 27 August 2015 - 18:08
---------------------------------------------------
අලි පස් දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග

නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාගේ නිවසේ බලපත්‍ර නොමැතිව රඳවා ගෙන සිටින අලි පස් දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (27) නියෝග කළා. මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී රජයේ නීතීඥයන් කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව දීර්ඝ පරීක්ෂණයක් සිදුකර ඇති බවයි. එම පරීක්ෂණවලදී, අලි රොෂාන් නමැත්තා අලි පස් දෙනෙකු කැළයෙන් අල්ලාගෙනවිත් බලපත්‍ර නොමැතිව සිය නිවසේ රඳවාගෙන තිබෙන බවට අනාවරණ වී ඇති බවයි රජයේ නීතීඥයන් අධිකරණය හමුවේ අද වැඩිදුරටත් කරුණු දක්වා සිටියේ.