අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම යළිත් කල් යන ලකුණු - නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 70 ක් ජාතික ආණ්ඩුවට

Thursday, 27 August 2015 - 19:09

%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+-+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94+70+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7
සැප්තැම්බර් මස 02 වනදා සිදුකිරීමට නියමිතව තිබූ අමාත්‍ය මණ්ඩලයේ දිවුරුම්දීම කල්යනු ඇතැයි නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය් 64 වන සංවත්සරය එදිනට යෙදී තිබීම ඊට හේතුව බවයි මහ ලේකම්වරයා සඳහන් කළේ.

මේ අතර, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පසුගියදා අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමට නව කරුණු එක්කිරීමටද තීරණය වී තිබෙනවා. එසේම පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් 95 දෙනාගෙන් 70 දෙනෙකු පමණ ජාතික ආණ්ඩුවට සහය පළ කර ඇති බව නිදහස් පක්ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අනාවරණය වුණා. නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවති එම මාධ්‍ය හමුවට මැතිවරණයෙන් පරාජයට පත්වී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කර ඇති එස්.බී.දිසානායක, මහින්ද සමරසිංහ යන මන්ත්‍රීවරුන්ද එක්ව සිටියා.