එක්නැලිගොඩ සිද්ධිය ගැන බිරිඳ සන්ධ්‍යා යළිත් කතා කරයි

Thursday, 27 August 2015 - 19:26

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට රහස් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ව තවදුරටත් රඳවා ගැනීම සඳහා අදාළ නියෝග ලබාදී නොමැති බව ඔහුගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ පවසනවා. ඇය මේ බව ප්‍රකාශ කළේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අද (27) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

අප මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකරගෙන් විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රගීත් එක්නැලිගොඩගේ සිද්ධියට අදාළ සැකකරුවන් රඳවා ගැනීම සඳහා අදාළ නියෝග ලබාදෙන ලෙස පසුගිය 25 වනදා ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු හා හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් පසුගියදා සිදුකළ ප්‍රකාශ තුළින් අධිකරණය නොමඟ යවා ඇති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් පුරවැසිබලය සංවිධානයේ සමකැඳවුම්කරු සමන් රත්නප්‍රිය වැඩිදුරටත් කියා සිටියා.