ශ්‍රී ලංකාව අතීතයට අවංකව මුහුණ දිය යුතුයි ඇමරිකාව

Friday, 28 August 2015 - 8:18

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B7%93%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B6%82%E0%B6%9A%E0%B7%80+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80
අතීතයේ ක්‍රියාකාරකම්වලට ශ්‍රී ලංකාව අවංකව සහ පූර්ණ ලෙස මුහුණ දිය යුතු බව ඇමරිකාව පවසනවා. ශ්‍රී ලංකාව එම තත්ත්වයන් පිළිගනු ඇතැයි අපේක්ෂා කරන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ කම්කරු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ටොම් මැලිනොවුස්කි පවසනවා.  ශ්‍රී ලංකාව පිළිබඳ ජගත් මානව හිමිකම් මණ්ඩල වාර්තාව ප්‍රකාශයට පත් කළ පසු  ශ්‍රී ලංකාව ආරක්ෂාකාරි ලෙස පමණක් කටයුතු නොකරනු ඇතැයි විශ්වාස කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

 අතීතය ඒ ආකාරයෙන් පිළිගෙන අවශ්‍යතා පිළිබඳ පූර්ණ අවංකභාවයකින්  ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ටොම් මැනිනොවුස්කි කියා සිටියේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් සමග  ශ්‍රී ලංකාවට පැමිණි මැලිනොවුස්කි ඊයේ (27) දිවයිනෙන් නික්මුණා.