Update : P.B. පොලිස් විශේෂ විමර්ශන ඒකකයට

Friday, 28 August 2015 - 11:21

Update+%3A+P.B.+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%92%E0%B6%9A%E0%B6%9A%E0%B6%BA%E0%B6%A7
මහාභාණ්ඩාගාරයේ සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් පී.බී ජයසුන්දර අද (28) පෙරවරුවේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණියා. ඒ රාඩා ආයතනයේ සිදුවී ඇතැයි කියන මූල්‍ය වංචා සිද්ධියකට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා එමගින් කළ කැඳවීමකට අනුවයි. භාණ්ඩාගාරයේ හිටපු ලේකම්වරයාගෙන් මේ වනවිටත් අදාළ ප්‍රකාශය සටහන් කර ගනිමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ.

සුනාමි නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා 2006 වසරේ ජනාධිපති කාර්යාලයේ අධීක්ෂණය යටතේ පිහිටුවාගෙන තිබූ රාඩා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සාලිය වික්‍රමසූරිය ඇතුළු කිහිප දෙනෙකු මීට  පෙර අත්අඩංගුවට ගැනුණා. ඒ, එම ආයතනය මගින් සුනාමියෙන් අවතැන් වූ උතුරු නැගෙනහිර ජනතාවට නිවාස ලබාදෙන බව පවසා සිදුකළ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන්.