බඹරූ 30කට විදී

Friday, 28 August 2015 - 15:30

%E0%B6%B6%E0%B6%B9%E0%B6%BB%E0%B7%96+30%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%93
මස්කෙළිය - බ්‍රවුන්ස්වික් වතුයායේ බ්ලූම්ෆීල්ඞ් කොටසේ තේ දලූ නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද උදෑසන එල්ල වූ බඹර ප්‍රහාරයකින් කම්කරුවන් 30 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කෙරුණා. ඉන් 27 දෙනෙකුම කාන්තාවන් බවයි මස්කෙළිය රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. මේ වනවිට 14 දෙනෙකු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, ඉතිරි පිරිස ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බව එම ප්‍රකාශකයා සඳහන් කළා.