Update : විපක්ෂ නායක ධුරය සහ නිදහස් පක්ෂයට හිමි ඇමති ධුර ගැන තීරණ ගැනීමේ බලය ජනපතිට

Friday, 28 August 2015 - 17:54

Update+%3A+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව මගින් ජාතික ආණ්ඩුවේ අමාත්‍ය ධුර සහ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා වෙත බලය පවරා තිිබෙනවා. සාමාජිකයන් පනස් දෙදෙනෙකුගෙන් සමන්විත එහි මධ්‍යම කාරක සභාව ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රැස්වුණේ  ජනාධිපතිවරයාගේ නිළ නිවසේදීයි.  සාකච්ජාව සඳහා පක්ෂයේ අනුශාසකවරියක් වන සහ පසුගිය දා මධ්‍යම කාරක සභාවට පත් කළ හිටපු ජනාධිපතිණී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ද පැමිණ සිටි අතර පක්ෂයේ අනුශාසකවරයෙකු වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊට එක් නොවූ බවයි එම ස්ථානයේ සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ. එසේම සුසිල් ප්‍රේමජයන්ත සහ අනුර ප්‍රියදර්ශන යාපා යන මන්ත්‍රීවරුන් ද ඊට සහභාගි වී නැහැ.

මීට අමතරව ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා කමිටුවක් පත්කර ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ සහ නිදහස් පක්ෂයේ මහලේකම්වරුන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැදවා ඒ පිළිබද තවදුරටත් කරුණු පැහැදිලි කිරීමට නියමිත බව ද නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන් සඳහන් කළා.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක සඳහන් කළේ ජාතික ආණ්ඩුව, පක්ෂය ප්‍රතිසන්ධානය කිරීම සහ නිදහස් පක්ෂයේ සංවත්සරය වෙනුවෙන් කටයුතු කිරීම සඳහා කමිටු 3ක් වෙන් වෙන්ව පත් කළ බවයි.

ජාතික ආණ්ඩු සංකල්පය පිළිබඳව ගමේ ජනතාව දැනුවත් වී නොමැති බැවින් ඒ පිළිබඳව නිවැරදිව දැනුවත් කිරීමට ද  පක්ෂය එහිදී තීන්දු කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම ජාතික ආණ්ඩුවේ ඇමති ධුර ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිදු අර්බුදයක් නොමැති බව මහලේකම්වරයා එහිදී කියා සිටියා.

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතුවීම තුළින් දැනටමත් සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇති බවයි රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහලේකම් දුමින්ද දිසානායක සඳහන් කළේ.



Update : Saturday, 29 August 2015 - 8:00
--------------------------------------------------------------
නිදහස් පක්ෂය ජනපතිට බලය දේ


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ජාතික ආණ්ඩුවේ අමාත්‍ය ධුර සහ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා වෙත බලය පවරා තිිබෙනවා. සාමාජිකයන් පනස් දෙදෙනෙකුගෙන් සමන්විත එහි මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රැස්වුණේ  ජනාධිපතිවරයාගේ නිළ නිවසේදීයි.  සාකච්ජාව සඳහා පක්ෂයේ අනුශාසකවරියක් වන සහ පසුගිය දා මධ්‍යම කාරක සභාවට පත් කළ හිටපු ජනාධිපතිණී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ද පැමිණ සිටි අතර පක්ෂයේ අනුශාසකවරයෙකු වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊට එක් නොවූ බවයි එම ස්ථානයේ සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ. මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම කියා සිටියේ ජනාධිපතිවරයා විසින් අදාළ තීරණ ගනු ඇති බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා කමිටුවක් පත් කිරීමට මෙහිදී තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක ප්‍රකාශ කළා.

මීට අමතරව ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා කමිටුවක් පත්කර ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ සහ නිදහස් පක්ෂයේ මහලේකම්වරුන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැදවා ඒ පිළිබද තවදුරටත් කරුණු පැහැදිලි කිරීමට නියමිත බව ද නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන් සඳහන් කළා.

මේ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම් සුසිල් ප්‍රේමජයන්තට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපාට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සම් දෙකක් අද ඉල්ලා අස්කර ගැණුනා. මෙම පෙත්සම් දෙක ගොනුකර තිබුණේ නිදහස් සන්ධානයේ මහලේකම් ලෙස අලූතින් පත් වූ මහාචාර්ය විශ්වා වර්ණපාල සහ නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකයි. තමන්ට අදාළ ධුරයන් හි කටයුතු කරගෙන යාමට බාධා කිරීම වළක්වාලන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙම පෙත්සම් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබුණා.

සිය තනතුරුවල කටයුතු කිරීමේදී හිටපු ලේකම්වරුන්ගෙන් කිසිදු බාධාවක් ඇති නොවීම සහ සුසිල් ප්‍රේමජයන්ත පසුගියදා එම ධූරයෙන් ඉල්ලා අස්වීම නිසා නඩුව ඉල්ලා අස්කර ගන්නා බව දුමින්ද දිසානායක සහ විශ්වා වර්ණපාල වෙනුවෙන් පෙනී සිටි නීතිඳවරුන් අධිකරණයට දැනුම් දුන්නා.