වී අලෙවි කර ගැනීමට නොහැකි වූ ගොවීන්ට තවත් ප්‍රශ්නයක්

Saturday, 29 August 2015 - 8:04

%E0%B7%80%E0%B7%93+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ගොවීන්ට වී බහාලීමට අවශ්‍ය කරන උර දීප ව්‍යාප්ත මට්ටමින් බෙදා හැරීමට වී අලෙවි මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. වී උර හිඟයක් මතුව ඇති බැවින් උරයක මිල රුපියල් 40 සිට 60 දක්වා ඉහළ ගොස් ඇති බවට ගොවීන් චෝදනා කළා. අදාළ වී උර හිඟය අම්පාර - පොළොන්නරුව සහ තවත් ප්‍රදේශ කිහිපයකින් වාර්තා වනවා.

මේ අතර, අතිරේක නිලධාරීන් යොදා ගොවීන්ගෙන් වී මිලට ගැනීමට කටයුතු කරන බව ද වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්.බී. දිසානායක ප්‍රකාශ කළා. කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි මෙම පියවර ගත් බවයි.

ප්‍රදේශ කිහිපයක වී අලෙවි මණ්ඩලයේ මිලදී ගන්නා මධ්‍යස්ථානවලට තම වී තොග රැගෙන පැමිණි ගොවීන් පසුගිය දිනවල දැඩි අපහසුතාවට පත්වුණා. ඒ, වී මිලදී ගැනීමේ කටයුතුවල සිදුවූ ප්‍රමාදයන් හේතුවෙන්. එම නිසා අදාළ ස්ථානවල දිගු පෝලිම් පැවති අතර ඇතැම් ගොවීන් දින 3ක් පමණ එම පෝලිම්වල රැදී සිටීමෙන් අනතුරුවයි තම අස්වැන්න අලෙවි කර තිබුණේ.