මහනුවර අවසන් රන්දෝලි පෙරහර අද - ආරක්ෂාවට 3000ක පොලිස් බල ඇණියක්

Saturday, 29 August 2015 - 8:33

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9D%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B6%BB+%E0%B6%85%E0%B6%AF+-+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+3000%E0%B6%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD+%E0%B6%87%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මහනුවර - ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද රාත්‍රියේ වීථි සංචාරය කරනවා. හෙට අලූයම පැවැත්වෙන දිය කැපීමේ චාරිත්‍රයෙන් අනතුරුවයි පෙරහර මංගල්‍යය අවසන් වන්නේ.

මෙවර මහනුවර අවසන් රන්දෝලි පෙරහර වෙනුවෙන් 3000ක පොලිස් බල ඇණියක් යොදා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.

මේ අතර, මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ නව දියඩවන නිලමේවරයා තෝරා පත් කර ගැනීමේ නිලවරණය සැප්තැම්බර් 8 වන දා පැවැත්වෙනවා. එය මෙහෙය වන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින්. ඒ සඳහා දැනට අපේක්ෂකයන් සිව් දෙනෙකු ඉදිරිපත්ව සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. වත්මන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, සහ හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න ඇතුළු සිව් දෙනෙකු ඊට අයත්. වසර 10කට වරක් නව දියවඩන නිලමේවරයෙකු පත් කර ගැනීම සම්ප්‍රදායයි.