නීතිවිරෝධී සංක්‍රමණ ගැන ජගත් සංවිධානයේ දැඩි අවදානය

Saturday, 29 August 2015 - 8:45

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA
යුරෝපය බලා ඇදෙන නීතිවිරෝධී සංක්‍රමණිකයන්ගේ මරණ වැළැක්වීම සඳහා පුළුල් ක්‍රියාමාර්ග අවශ්‍ය බව ජගත් සංවිධානය පවසනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් ප්‍රකාශ කළේ දැන් මතුවී ඇති සහෝදරත්වය පිළිබඳ අර්බුදයට ඒකාබද්ධ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිචාරයක් දැක්විය යුතු බවයි. සංක්‍රමණය සඳහා සුරක්ෂිත සහ නීතිමය මාර්ග පුළුල් කිරීම එවැනි එක් විසදුමක් ලෙස මහලේකම්වරයා හැදින්වූවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ සිරියානු සංක්‍රමණිකයන් 71 දෙනෙකුගේ සිරුරු ඔස්ට්‍රියාවේ අතහැර දැමූ ලොරි රථයක තිබී සොයා ගැනීමෙන් අනතුරුවයි. ලිබියාවට ඔබ්බෙන් වූ මුහුදේ ගිලූණු සංක්‍රමණික යාත්‍රාවල සිටි 200කට වැඩි පිරිසක් මිය ගියේ ද පසුගිය පැය 24 තුළදීයි.