සැප්තැම්බර් 7 වනදා තෙක් ශ්‍රී ලංකාවට ඉර මුදුන් වෙයි

Saturday, 29 August 2015 - 9:20

%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+7+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%89%E0%B6%BB+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී අද  දිනයේ සිට සැප්තැම්බර් 7 දක්වා සූර්යයා ශ්‍රී ලංකාවට ආසන්න අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද දිනයේ හිරු මුදුන් වන්නේ ශ්‍රී ලංකාවේ උතුරුකරයේ ප්‍රදේශවලටයි. ඒ අනුව අද දහවල් 12.11ට කන්දවලාල්, නල්ලූර් සහ පලෙයිතිව් නගරවලට ඉතා ආසන්නව හිරු මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලලිත් චන්ද්‍රපාල සඳහන් කළේ මේ අන්දමින් වසරකට දෙවතාවක් ශ්‍රී ලංකාවට හිරු මුදුන් වන බවයි.

ඔක්තෝම්බර් සහ නොවැම්බර් අන්තර් මෝසම් කාලසීමාවේදී දිවයිනටම වැසි අපේක්ෂා කරන අතර, දැනට වියළි කාලගුණයක් පවතින දිස්ත්‍රික්කවලට ද එහිදී වැසි ලැබෙනු ඇතැයි කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ලලිත් චන්ද්‍රපාල කියා සිටියා.

යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, පොළොන්නරුව සහ අම්පාර දිස්ත්‍රික්කවල පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජලය සැපයීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට සිදුව තිබෙනවා.

වියළි කාලගුණයක් පවතින ප්‍රදේශවලට දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා ජලය සැපයීමට කටයුතු කෙරෙනවා. එම ජල සැපයුම් නොලැබෙන කිසිවෙකු වේ නම්, අදාළ ප්‍රදේශයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දැනුම් දෙන ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර ඉල්ලීමක් කළා.