දේවස්ථාන බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් අයෙක් අත්අඩංගුවට

Saturday, 29 August 2015 - 18:03

%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
තායිලන්තයේ බැංකොක් නුවර  හින්දු දේවස්ථානයක පසුගියදා සිදුවූ බෝම්බ පිපිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. පසුගිය අගෝස්තු 17 වනදා සිදුවූ පිපිරීමෙන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 120 දෙනෙකු පමණ තුවාල ලැබුවා.

පිපිරීමෙන් පසු තායිලන්ත රජය ප්‍රකාශ කළේ එරට සංචාරක කර්මාන්තය අඩපණ කිරීමේ අරමුණින් බෝම්බ ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවයි.

දේවස්ථානයේ සවි කර තිබූ සී සී ටී වී දර්ශන උපයෝගි කර ගනිමින් සිදුකළ පරීක්ෂණවලට අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකරුගේ නිවසේ තිබී බෝම්බ නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ තොගයක් ද සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන්.