Update: ලෝක ප්‍රසිද්ධ ඕමන්ත මුරපොළ ඉවරයි

Saturday, 29 August 2015 - 16:55

Update%3A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%95%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B8%E0%B7%94%E0%B6%BB%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%89%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
දිගු කලක් පුරා ක්‍රියාත්මක වූ වව්නියාව -  ඕමන්තේ හමුදා මුරපොලේ පරීක්ෂා කිරීම් අද (29) සිට සම්පූර්ණයෙන්ම නතර කෙරුණා. රටේ පවතින සාමකාමී තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බවයි යුද හමුදාව පැවසුවේ.

උතුරෙන් දකුණට සහ දකුණෙන් උතුරට පැමිණෙන වාහන මෙන්ම, මහජනතාව ද පරීක්ෂා කිරීම සඳහා ආරක්ෂක මුරපොලක් ලෙස  ඕමන්තේ මුරපොල ආරම්භ කරන්නේ 2002 වසරේදීයි.මානුෂිීය මෙහෙයුම් සමයේ මැදවච්චිය සහ  ඕමන්තේ හමුදා මුරපොල ප්‍රධාන පරීක්ෂා කිරීම් මධ්‍යස්ථාන ලෙස සැලකුණා.

එහෙත්, හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ප්‍රකාශ කළේ රටේ පවතින සාමකාමී වාතාවරණය හේතුවෙන් දෛනික පරීක්ෂා කිරීම් අනවශ්‍ය බවයි.

දකුණේ ක්‍රියාත්මක ආරක්ෂක වැඩපිළිවෙල පමණක් උතුර පළාතේ ද ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක හමුදා සැලසුම් කර තිබෙනවා. එම නිසා  ඕමන්තේ මුරපොලේ පරීක්ෂා කිරීම් නැවැත්වූ බවයි හමුදාව සඳහන් කළේ. අවශ්‍ය වුවහොත්  ඕනෑම මොහොතක යළි මුරපොලේ පරීක්ෂා කිරීම් ආරම්භ කරන බව ද ඔහු කියා සිටියා.


----------Update----------------------------
2002  සිට ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් උතුරු- දකුණු ගමනාගමන කටයුතු පරික්‍ෂා කිරීම් සිදු කළ  ඕමන්ත සීමා මුරපොළ ආරක්‍ෂක අමාත්‍යංශයේ නියෝගයකට අනුව අද (29) උදෑසන සිට සමිපූර්ණයෙන්ම  වසා දමා සිවිල් ජනතාවට සාමාන්‍ය පරිදි ගමන් කිරීමට අවස්ථාව උදා වී ඇති බවට ආරක්ෂක අංශ පවසයි.

යුද සමයේදී සීමා මුරපොළ  හරහා ගමන් ගත් සියලූම වාහන සහ පුද්ගලයින් සම්පූර්ණ පරික්‍ෂාවකට ලක් කළ  අතර සීමා මුරපොළ හරහා රැගෙන යනු ලැබූ භාණ්ඩ වලටද නීති රීති පැනවීමට ආරක්‍ෂක අංශ විසින් පියවර ගෙන තිබුණී.

කෙසේ වෙතත් යුද්ධය  අවසන් වීමෙන් පසුවද  ඕමන්ත සීමා මුරපොළේ පරීක්‍ෂා කිරීම් කටයුතු සිදු වූ අතර පසුව 2013 සැප්තම්බර් මස 01 වැනිදා වන්නි ආඥාපති මේජර් ජෙනරල් බොනිපස් පෙරේරාගේ ප්‍රධානත්වයෙන්  ඕමන්ත සීමා මුරපොළේ නීති රීති හා පරික්‍ෂාකිරීමේ කටයුතු මහජනතාව වෙනුවෙන් තරමක් ලිහිල් කෙරුනු අතර  සැක සහිත පුද්ගලයින් හා වාහන පරික්‍ෂා කිරීම හා ලියාපදිංචි කිරීම සිදු විය.

මේ වන විට  ඕමන්ත සීමා මුරපොළ හරහා සාමාන්‍ය වැසියන්හට කිසිදු පරික්‍ෂා කිරීමකින් තොරව හා ලියාපදිංචියකින් තොරව ගමන් කිරීමට අවස්ථාව ඇති අතර මුරපොලේ එක් පැත්තක පමණක් ආරක්ෂක අංශ වාහන පමණක් ලියාපදිංචි කරීම සිදු වෙයි.

ඕමන්ත සීමා මුරපොළ හරහා ගමන් ගත් සාමාන්‍ය වැසියන් කියා සිටියේ පැවති රජයට වඩා වත්මන් රජයේ ක්‍රියාකලාපයට ප්‍රශංසාව පළකරන බවයි.
























 (ඡායාරූප - රොමේෂ් මධුෂංඛ)