බුලත්සිංහලදී ලොරියක් ප්‍රපාතයකට පෙරලීමෙන් තිදෙනෙකු මරුට

Sunday, 30 August 2015 - 8:05

%E0%B6%B6%E0%B7%94%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
හොරණ - බුලත්සිංහල ප්‍රදේශයේ පහළ නාරගල පාලම අසලදී ලොරි රථයක් බෑවුමකට පෙරලීමෙන් ලොරි රථයේ රියදුරා සහ කාන්තාවන් දෙදෙනෙකු ඊයේ (29) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්වුණා. පොලිසිය සඳහන් කළේ ඊයේ රාත්‍රි  7.40 ට පමණ ලොරි රථය මාර්ගයේ ගමන්ගන්නා අතරතුර ඉදිරියෙන් පැමිණි ත්‍රි රෝද රථයකට ඉඩදීමට යාමේදී අනතුර සිදුව ඇති බවයි.

මියගොස් ඇති කාන්තාවන් දෙදෙනා එකම පවුලේ සහෝදරියන් වන අතර, ඔවුන්ගේ වයස අවුරුදු 38 ක් සහ 44 ක් වනවා. ඊට අමතරව මියගිය ලොරි - රියදුරාගේ වයස අවුරුදු 29 ක්. මොවුන් තිදෙනාම හොරණ - බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචිව සිටි අයයි.