හොර මුද්දර සිද්ධියේ සැකකරුවන් 2ක් කොටු

Sunday, 30 August 2015 - 14:12

%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+2%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94
නිට්ටඹුව තැපැල් කාර්යාලයේදී සොයාගත් ව්‍යාජ මුද්දර ඇලවූ ලියුම් කවර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ ඊයේ (29) අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු  මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ වයස අවුරුදු 31 ක් වන බවයි. අනෙක් සැකකරු කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 34ක පුද්ගලයෙක්. මොහුට අයත් ගුණසිංහපුර ප්‍රදේශයේ මුද්‍රණ ආයතනයකින් මෙම මුද්දර ව්‍යාජ ලෙස මුද්‍රණය කර ඇති බවට දැනට තොරතුරු හෙළිව තිබෙනවා.

රුපියල් 15 බැගින් වූ ව්‍යාජ මුද්දර තුන බැගින් අලවා තිබූ ලියුම් කවර 513 ක් නිට්ටඹුව තැපැල් ස්ථානය වෙත ලැබී තිබියදී සොයාගනු ලැබුවේ පසුගිය 25 වනදායි. එම මුද්දරවල වටිනාකම රුපියල් 23 දහස් 85 ක් වනවා. මෙරට ඉතිහාසයේ ප්‍රථම වරටයි ව්‍යාජ ලෙස මුද්‍රණය කළ මුද්දර තොගයක් සොයාගනු ලැබුවේ.