විල්පත්තුවේ මුවන් දඩයම්කළ සැකකරු රිමාන්ඩ්

Sunday, 30 August 2015 - 14:46

%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%A9%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B7%85++%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේදී සතුන් දඩයම් කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සැකකරුවෙකු අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත් අබ්දුල් කාදර් නියෝග කළා. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණේ එළුවන්කුලම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

මෙම සැකකරු තවත් පස්දෙනෙකු සමඟ විල්පත්තුව ජාතික වනෝද්‍යානයට ඇතුලූවී නීතිවිරෝධි ලෙස ගිනි අවි භාවිතා කරමින් මුවන් මරා මස් කර රැගෙන යන බවට ලැබුණු තොරතුරකට අනුව වනජීවී නිලධාරීන් මෙම වැටලීම සිදුකළා. එහිදී සැකකරුවන් සිව්දෙනෙකු පළාගොස් ඇති අතර අත්අඩංගුවට ගත් පුද්ගලයා ළඟ තිබී මරණ ලද මුවන් දෙදෙනෙකුගේ හිස කොටස සහ මස් තොගයක්ද වනජීවී නිලධාරින් භාරයට ගනු ලැබුවා.