Update: සන්ධානයේ කොමියුනිස්ට් පක්ෂය, පාර්ලිමේන්තුවේ විපක්ෂව, ස්වාධීනව අසුන් ගනී

Sunday, 30 August 2015 - 16:22

Update%3A+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%2C+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%80%2C+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%B0%E0%B7%93%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
පසුගිය මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ චන්ද්‍රසිරි ගජධීර විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ යුතු බවට එම පක්ෂය තීරණය කර තිබෙනවා. අද පැවැති පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි එහි ප්‍රධාන ලේකම්, හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර සඳහන් කළේ.

කොමියුනිස්ට් පක්ෂය මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ වැදුණු අතර, එහි ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකරගේ නම සන්ධාන ජාතික ලැයිස්තුවට ඇතුළත් කර තිබුණා. කෙසේ වෙතත්, ඔහුට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වූයේ නැහැ.

කොමියුනිස්ට් පක්ෂයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ එකම මන්ත්‍රීවරයා වන්නේ චන්ද්‍රසිරි ගජධීරයි. අද පැවැති පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව ඔහු ද මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා. එහිදී පොදු විපක්ෂයක් ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට තීරණයක් ගෙන ඇත්දැයි ඔහුගෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී මන්ත්‍රීවරයා කියා සිටියේ එවැනි තීරණයක් කොමියුනිස්ට් පක්ෂය වෙත මෙතෙක් ලැබී නොමැති බවයි.



Update: Sunday, 30 August 2015 - 19:22
---------------------------------------------------

පසුගිය මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ කොමියුනිස්ට් පක්ෂයේ චන්ද්‍රසිරි ගජධීර විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ යුතු බවට එම පක්ෂය තීරණය කර තිබෙනවා. අද පැවැති කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි එහි ප්‍රධාන ලේකම්, හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර සඳහන් කළේ. කොමියුනිස්ට් පක්ෂය මහ මැතිවරණයේදී තරඟ වැදුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේයි.