මනුසත් හා ඉසුරුපුතා බේර ගනී

Sunday, 30 August 2015 - 19:42

%E0%B6%B8%E0%B6%B1%E0%B7%94%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%8F+%E0%B6%89%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
හම්බන්තොට වරායට කිලෝමීටර් 63ක් ගිනිකොණ දෙසින් මුහුදේ දින 8ක් අතරමං වී සිටි ධීවර 10 දෙනෙකු නාවික හමුදාව අද බේරාගෙන තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ මොවුන් ධීවර යාත්‍රා දෙකක ගමන් කර ඇති බවයි. මෙලෙස බේරාගත් ධීවරයින් ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් පසුගිය 22 වන දා හම්බන්තොට ධීවර වරායෙන් මුහුදු ගොස් තිබෙනවා. පසුව ඔවුන් ගමන් ගත් ධීවර යාත්‍රා දෙකම යාන්ත්‍රික දෝෂවලට ලක්වී ඇති බවයි නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඉන් අනතුරුව ධීවරයින් මේ පිළිබඳව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති අතර, පසුව නාවික හමුදාවේ නිලධාරීන් විසිනුයි  ඔවුන් බේරාගෙන ඇත්තේ.