සෞදි අරාබියේ විදේශ ශ්‍රමික නිවහන් සංකීර්ණයේ ඇතිවූ ගින්නෙන් මියගිය සංඛ්‍යාව 10 දක්වා ඉහළට

Monday, 31 August 2015 - 7:50

%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92+%E0%B6%85%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%96+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+10+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
සෞදි අරාබියේ නැගෙනහිර ප්‍රදේශයේ අල්කොබාර් නගරාසන්නයේ පිහිටි ඇරැම්කෝ තෙල් සමාගමේ සේවක නිවහන් ගොඩනැගිල්ලේ ඊයේ ඇතිවූ ගින්නෙන් පුද්ගලයන් දසදෙනෙකු මියගොස් ඇති බව දැන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. එහිදී තවත් පුද්ගලයන් 259 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. එයින් 179 දෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර, විවිධ ජාතීන්ට අයත් 80කට වැඩි පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්. මියගිය පුද්ගලයන් අතර, ආසියානු සම්භවයක් සහිත කැනේඩියානු ජාතිකයන් තුන්දෙනෙකු, පාකිස්ථාන ජාතිකයෙකු සහ නයිජීරියානු කාන්තාවකද සිටි බව සෞදි සිවිල් ආරක්ෂක සේවාව සඳහන් කළා. එහෙත් තුවාල ලැබූ පුද්ගලයන් කුමන ජාතීන්ට අයත්දැයි මෙතෙක් ප්‍රකාශයට පත්කර නැහැ. අල්කොබාර් හි පිහිටි ඇරැම්කෝ සේවක නිවහන් සංකීර්ණය මහල් 6 කින් යුත් ගොඩනැගිලි 8 කින් සමන්විත වන අතර ඒවායේ නිවාස ඒකක 486 ක් පවතින බව සඳහන්. එක් ගොඩනැගිල්ලක පහත මාලයේ ඇතිවූ ගින්න පසුව පැය 6 කට අධික කාලයක් එහි අනෙකුත් මහල්වලට පැතිරී තිබෙනවා. ලොව විශාලතම තෙල් නිෂ්පාදන සමාගම ඇරැම්කෝ හි සේවකයන් 61 දහසෙන් බහුතරයක් ශ්‍රී ලාංකිකයන් ඇතුලූ විදේශ ශ්‍රමිකයන්.