TNA එපා කියපු දේට ඩග්ලස් සහ සංගරීගේ සහය

Monday, 31 August 2015 - 13:10

TNA+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B4%E0%B7%94+%E0%B6%AF%E0%B7%9A%E0%B6%A7+%E0%B6%A9%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%BB%E0%B7%93%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA
මෙරට යුද්ධයේදී සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණ යාන්ත්‍රණයක් යටතේ සිදුකිරීම සඳහා ඇමරිකාව සහය පළ කිරීම පිළිබඳව මෙරට දෙමළ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් දරන්නේ විවිධ මතවාදයන්. මේ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ 3 ක් ඊයේ කොළඹදී පැය 4 ක සාකච්ඡාවක නිරත වී තිබෙනවා. එම සාකච්ඡාව සඳහා එක්වුණේ ටෙලෝ, ඊ.පී.ආර්.එල්.එෆ්. සහ ප්ලොට් සංවිධානවල නායකයන්. සාකච්ඡාවෙන් අනතුරුව පොදු ප්‍රකාශයක් කරමින් ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙක්කලනාදන් කියා සිටියේ තමන් මෙරට යුද්ධය පිළිබඳ දේශීය පරීක්ෂන යාන්ත්‍රණය ප්‍රතික්ෂේප කරන බවයි.

දෙමළ ජාතික සන්ධානයේ අනෙක් පක්ෂය වන්නේ එහි නායක ආර්. සම්බන්ධන් නියෝජනය කරන ඉලංගෙයි තමිල් අරසු පක්ෂයයි. ඊයේ පැවති සාකච්ඡාවට දෙමළ සන්ධාන නායකයා සහභාගි වී නොමැති අතර, ඔහු සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අදහස් කරන බවයි ටෙලෝ සංවිධානයේ ජාතික සංවිධායක එම්.කේ. සිවාජිලිංගම් ප්‍රකාශ කළේ. කෙසේ නමුත් තමන් ජාත්‍යන්තර පරීක්ෂණයක් කෙරෙහි පමණක් විශ්වාසය තබන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මීට පෙර ප්‍රකාශ කළා.

අප මේ සම්බන්ධයෙන් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරීගෙන්ද විමසීමක් කළා. ඔහු කියා සිටියේ දේශීය යාන්ත්‍රණය සියල්ලන්ටම පරීක්ෂා කළ හැකි විනිවිද භාවයෙන් යුක්ත එකක් වනු ඇති බවයි. මෙරට දෙමළ ජනතාවගේ  ගැටළු විසඳීම සඳහා මීට පෙර හිමිවූ අවස්ථාවන්ද  දෙමළ ජාතික සන්ධානය මගහැරි බවයි වී. ආනන්ද සංගරී වැඩිදුරටත් සඳහන් කළේ.

ඊ.පී.ඞී.පී. සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්දා ගෙන්ද අප විමසා සිටියේ ඇමරිකාවට සහය පළ කරන දේශීය පරීක්ෂණ යාන්ත්‍රණය ඔහු අනුමත කරන්නේද යන්නයි. මෙරට දෙමළ ජනතාවට නීතියේ රැකවරණය ලැබිය යුතු අතර, එහිදී ජාතීන් අතර සමඟියට බාධාවක් සිදු නොවිය යුතු බව ඔහු සඳහන් කළා. එම පදනම යටතේ ක්‍රියාත්මක වන  ඕනෑම පියවරකට තම සහය හිමිවන බවයි ඊ.පී.ඞී.පී. නායක ඩග්ලස් දේවානන්දා කියා සිටියේ.