ජාතික ආණ්ඩුව තුළ ක්‍රියාත්මක විය යුත්තේ කෙසේ ද? - එජාප සහ නිදහස් පක්ෂ කමිටු, ජනපති හමුවී සාකච්ඡා කරයි

Monday, 31 August 2015 - 19:06

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%99%E0%B7%83%E0%B7%9A+%E0%B6%AF%3F+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%2C+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%93+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ඇති කරනු ලබන ජාතික ආණ්ඩුව තුල දෙපාර්ශවයක් ලෙස නොව එක් කණ්ඩායමක් ලෙස ක්‍රියාකරන ආකාරය පිළිබඳව අද සාකච්ජා කළ බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ජාතික ආණ්ඩු වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට එක්සත් ජාතික පක්ෂයෙන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පත් කළ කමිටු දෙකේ නියෝජිතයන් ජනාධිපති නිල නිවසේදී අද පෙරවරුවේ ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී.

මෙම සාකච්ජාව සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පක්ෂ සභාපති මලික් සමරවික්‍රම සහ හිටපු අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග මෙන්ම ලක්ෂ්මන් කිරිඇල්ල ද එක්ව සිටියා. නිදහස් පක්ෂය වෙනුවෙන් එහි මහ ලේකම් දුමින්ද දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ රංජිත් සියඹලාපිටිය එක් වුණා.

ජාතික ආණ්ඩුවක් ඇති කිරීම සඳහා පත් කරනු ලැබූ මෙම කමිටු දෙක අද පෙරවරුවේ ජනාධිපතිවරයා හමුවූයේ මුල් වරටයි.

මේ අතර, ජාතික ආණ්ඩුවට එරෙහිව ගාල්ල බස් නැවම්තුපළ ඉදිරිපිට අද පස්වරුවේ විරෝධතාවක් පැවැත්වුණා. ඊට එක්වූ මෙවර මහ මැතිවරණයට ගාල්ල දිස්ත්‍රික්කයෙන් නිදහස් සන්ධානය යටතේ තරඟ කර පරාජයට පත්වූ සමසමාජ පක්ෂ සාමාජිකයෙකු වන පූජ්‍ය බද්දේගම සමිත හිමියන් කියා සිටියේ ජාතික ආණ්ඩු වැඩපිළිවෙලකට කිසිසේත් සහාය නොදක්වන බවයි.