කෝටියක කේරළ ගංජා සහ ලක්ෂ 73ක විදේශීය මුදල් අල්ලයි

Tuesday, 01 September 2015 - 7:52

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+73%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
යාපනය - ඉලවාලි - කුසුමන්තුරේ ප්‍රදේශයේදී වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටියක් පමණ වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 50ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පොලීසියට ලද තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි. එම විශේෂ වැටලීමේදී අත්අඩංගුවට ගත්තේ  22 සහ 36 හැවිරිදි වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

මේ අතර, නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවේ සිට සිංගප්පූරුව දක්වා රැගෙන යාමට තැත් කළ රුපියල් ලක්ෂ 73 වටිනාකමකින් යුත් විදේශ මුදල් තොගයක් ගුවන්තොටුපළ රේගු භාරයට ගෙන තිබෙනවා. මෙම විදේශ මුදල් රටින් පිටකිරීමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනා  අත්අඩංගුවට ගනු ලැබුවේ අද අළුයම 12යි 55ටයි. මොවුන් සිය ගමන් බෑගවල සහ ලියුම් කවර වල අසුරා මෙම විදේශ මුදල් ශ්‍රී ලංකාවෙන් පිට කිරීමට උත්සාහ කර තිබෙනවා.