මත්තල පාරේ අලියෙක් යකා නටයි

Tuesday, 01 September 2015 - 10:47

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B6%A7%E0%B6%BA%E0%B7%92
හම්බන්තොට මත්තල පාරේ අද උදේ 7.00 පමණ සිට 8.45 පමණ වන තෙක් විනාඩි 45 ක පමණ කාලයක් වන අලියෙකු පාර හරස් කරගෙන සිටිම නිසා එකදු මංතීරුවකවත් වාහන ගමන් කීරීමට නොහැකිවීය. මාර්ගය පුරා එහේ මෙහෙ ඇවිද යමින් කළහ කාරීලෙස හැසුරුණු මෙම වන අලියා පාරේ පැමීණි  වාහන වලට හා මෝටර් සයිකල් වලට ප්‍රහාර එල්ලකිරීමට තැත් කළ අයුරු අප ප්‍රාදේශීය වාර්තාකරුගේ කැමරාවේ සටහන් වීය. කොතෙකුත් සංවර්ධන කටයුතු සිදු වුවත් තවමත් හම්බන්තොට හා ඒ අවට පවතින වන අලි උවදුර නම් දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් පවතින බවයි ප්‍රදේශවාසින් පැවසුවේ.











ඡායාරූප - සුරියවැව නුවන් ජයසේකර