විදේශීය පරීක්ෂණයක් ඕනෑමයි : විග්නේෂ්වරන් යෝජනාව සම්මත කරගනී

Tuesday, 01 September 2015 - 21:20

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%95%E0%B6%B1%E0%B7%91%E0%B6%B8%E0%B6%BA%E0%B7%92+%3A+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
මෙරට සිදුවී ඇතැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් සිදුකළ යුතු බවට වූ යෝජනාවක් උතුර පළාත් සභාව අද (01) ඒකමතිකව සම්මත කරගත්තා. මෙම යෝජනාව පළාත් සභාවට ඉදිරිපත් කළේ මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් විසින්. එම්.කේ. සිවාජිලිංගම් මන්ත්‍රීවරයා එය ස්ථිර කළා.  

කෙසේ වෙතත් ඊ.පී.ඞී.පී. සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්දා මීට පෙර ප්‍රකාශ කළේ ඇමරිකාවේද සහය පළවන දේශීය පරීක්ෂණ යාන්ත්‍රණයට තමන් එකඟත්වය පළ කරන බවයි. එසේම දේශීය යාන්ත්‍රණය සියල්ලන්ටම පරීක්ෂා කළ හැකි විනිවිද භාවයෙන් යුක්ත එකක් වනු ඇති බවට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරීද විශ්වාසය පළ කළා.