"නීතිපතිට නඩු දැමිය යුතුයි" - ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා

Tuesday, 01 September 2015 - 21:32

%22%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92%22+-+%E0%B7%86%E0%B7%93%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B6%BD%E0%B7%8A+%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F
ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ වු පුද්ගලයින් ආරක්ෂා කිරීමට නීතිපතිවරයා මැදිහත්වීම ගැටළු සහගත බව  හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප්‍රකාශ කරනවා. ඒ, අභියාචනාධිකරණය හමුවේ ජනතා විමුක්ති පෙරමුණ පවරා තිබූ නඩුවකට නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට ඊයේ කළ කරුණු දැක්වීම සම්බන්ධයෙන්  ප්‍රතිචාර දක්වමින්.  

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ජාත්‍යන්තර නායකයෙකු ලෙස සැළකෙන කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. අත්අඩංගුවට ගන්නා ලෙස අභියාචනාධිකරණය හමුවේ ජනතා විමුක්ති පෙරමුණ පවරා තිබූ නඩුව ඔක්තෝබර් මස 28 වනදා දක්වා ඊයේ (31) කල් දැමුණා. ඒ, මෙතෙක් කරන ලද විමර්ශනවලදී කේ.පීට නඩු දැමීමට  ප්‍රමාණවත් හේතු නොමැති බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අභියාචනාධිකරණයට දැනුම්දීම හේතුවෙන්.

කේ.පී.ට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සමේ සඳහන් චෝදනා සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවද, මෙතෙක් සිදුකරන ලද පරීක්ෂණ පිළිබඳ වාර්තාව ලබන නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කරන බවද ඔහු එහිදී ප්‍රකාශ කළා.

ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස,  නීතිපතිවරයා, හමුදාපති සහ ආගමන විගමන පාලකවරයා නම්කර තිබුණා.

පෙත්සමේ වැඩිදුරටත් සඳහන් වන්නේ ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් රැස් කිරීම, මත්ද්‍රව්‍ය වෙළඳාම, අවි අයුධ රැස්කිරීම, හිටපු ඉන්දීය අගමැති  රජිව් ගාන්ධි ඝාතනය ඇතුලූ බරපතල චෝදනා 193කට කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන් වගකිවයුතු බවයි. එම නිසා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කේ.පී. අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට පොලිස්පතිවරයාට බල කරමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවන් අධිකරණයෙන් මෙහිදී ඉල්ලා තිබුණා.

කෙසේ වෙතත් ඔහුට නඩු පැවරීමට තරම් තවමත්  ප්‍රමාණවත් කරුණු නොමැති බවට  ප්‍රකාශවීම සම්බන්ධයෙන් හිටපු හමුදාපති ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා  ප්‍රකාශ කරන්නේ වෙනත් අදහසක්.

කේ.පී.ආරක්ෂා කිරීමට නීතිපතිවරයා උත්සාහ කරයි නම් ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාට එරෙහිව නඩු පැවරිය යුතු බව ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා සඳහන් කරනවා. විනය පරීක්ෂණයක්ද සිදුකළ යුතු බවයි ඔහු කියා සිටියේ.