පානීය ජල පහසුකම් ලබාදෙන අඹතලේ ජල පවිත්‍රාගාරයේ ප්‍රශ්නය

Wednesday, 02 September 2015 - 9:04

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%93%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%B4%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%85%E0%B6%B9%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%B4%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA
දිවයිනේ වැඩිම පිරිසකට පානීය ජල පහසුකම් ලබාදෙන අඹතලේ ජල පවිත්‍රාගාරය මේ වනවිට විවාදාත්මක මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. ඒ, දෙවරක්ම එම පවිත්‍රාගාරය වෙත සැපයෙන ජලයට තෙල් මිශ්‍රවීමෙන්.

කෙසේ වෙතත් අප භාවිතයට ගන්නා ජලය සැබවින්ම සෞඛ්‍යාරක්ෂිතද යන්න පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය සොයාබැලීමක් සිදුකළා. කැළණි ගඟට මායිම්ව අක්කර 27 ක භූමි ප්‍රමාණයක පිහිටා ඇති රාජසිංහ හෙවත් අඹතලේ ජල පවිත්‍රාගාරයෙන් සැපයෙන ජලය පරිහරණයට ගන්නා පුද්ගලයින් ගණන ලක්ෂ 50 කට ආසන්නයි. කොළඹ නගරයේ 80% කටත්, දෙහිවල - ගල්කිස්ස, කෝට්ටේ, බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර සහ කොළොන්නාව යන ප්‍රදේශවල ජනතාවටත් එමඟින් ජල අවශ්‍යතාව සපුරනවා.

එමෙන්ම හිරු ප්‍රවෘත්ති අංශය පසුගියදා අඹතලේ ජල පවිත්‍රාගාරයේ නිරීක්ෂණයක නියැලූණා. එහිදී අප මාධ්‍යවේදියා අඹතලේ ජල පවිත්‍රාගාරයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු සී.ආර්. පෙරේරා සමඟ සංවාදයක නියැලූණා. එහිදී ඔහු කියා සිටියේ ජනතාවට ලබාදෙන ජලය පිළිබඳ වගකීම භාර ගන්නා බවයි.