මේ මාසේ අගමැති ඉන්දියාවට

Wednesday, 02 September 2015 - 13:33

%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B7%9A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ මස අවසානයේ ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත බව ඉන්දීය එක්ස්ප්‍රස් පුවත්පත වාර්තා කරනවා. අග්‍රාමාත්‍යවරයා එම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉන්දීය විපක්ෂ නායක සෝනියා ගාන්ධි හමුවීමට නියමිත බවයි එහි සඳහන් වන්නේ. ඊට අමතරව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නවදිල්ලි නුවරදී ඉන්දීය රජයේ ඉහළ පෙලේ නිලධාරින් කිහිපදෙනෙකු ද මුණ ගැසීමට නියමිත බව එම පුවත්පත වැඩිදුරටත් ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරට පත්වීමෙන් පසු සම්ප්‍රදායක් ලෙස පළමු නිල විදෙස් සංචාරය ඉන්දියාවේ සිදුකරන බවයි.