කාන්තාව පැහැරගත් බවට පැමිණිල්ලෙන් පස්සේ දෙන්නට ඇසිඩ් ප්‍රහාරයක්

Wednesday, 02 September 2015 - 14:24

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7+%E0%B6%87%E0%B7%83%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඇඹිලිපිටිය - පනාමුර ප්‍රදේශයේදී මෝටර් රථයක ගමන් ගත් යුවලකට ඇසිඩ්  ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ කාන්තාව අතුරුදන් වූ බවට සහ ඇසිඩ් ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා ඇය පැහැර ගත් බවට කරුණු සඳහන් පැමිණිල්ලක් ඊයේ (01) අම්බලංතොට පොලිසියට ලැබී තිබුණු බවයි.

ඇසිඩ්  ප්‍රහාරයට ලක්වූ කාන්තාව සහ පිරිමි පුද්ගලයා අම්බලන්තොට - නෝනාගම ප්‍රදේශයේ පදිංචිකරුවන්. ඔවුන් මේ වනවිට ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඔවුන්ගෙන් තවමත් ප්‍රකාශ ලබා ගැනීමට නොහැකි බව පොලිසිය සඳහන් කළා.