"මගේ ගමන සෙමින් - ආපසු හැරෙන්නේ නැහැ" - ජනපති

Wednesday, 02 September 2015 - 15:35

%22%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B7%83%E0%B7%99%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%86%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90%22+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
රටේ අනාගතය වෙනුවෙන් වූ තම ගමන් මග මන්දගාමී වුවත් එය ආපසු හැරවීමට සූදානම් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ   නිදහස් පක්ෂයේ 64 වන සංවත්සර සැමරුමට පොළොන්නරුව - කඳුරුවෙල - රජරට නවෝදය ක්‍රීඩාංගණයේදී අද (02) එක්වෙමින්.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයට මහා සංඝ රත්නය, අන්‍යාගමික පූජකවරුන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙන්ම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්, මැති ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරුන් සහ පක්ෂ සාමාජිකයන් ඇතුලූ විශාල පිරිසක් එක්ව සිටියා.  

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව සංවත්සර උත්සවයේ වැඩකටයුතු ආරම්භ වූ අතර, පොල්තෙල් පහන් දැල්වීමෙන් අනතුරුවයි ජනාධිපතිවරයා ඇතුලූ පිරිස ප්‍රධාන වේදිකාවේ අසුන් ගත්තේ.

ආගමික වතාවත්වලින් අනතුරුව පක්ෂයේ දිවංගත නායකයන් සහ රට වෙනුවෙන් ජීවිත කැපකළ රණවිරුවන් සිහි කරමින් කෘතවේදිත්වය පළ කෙරුණා.

නිදහස් පක්ෂයේ තේමා ගීතය ගායනා කෙරුණේ ඉන් අනතුරුවයි. පසුව පිළිගැනීමේ කථාව කළ නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක කියා සිටියේ හිටපු ජනාධීපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග විදේශ ගතවී ඇති බැවින් සංවත්සර සැමරුමට එක් නොවූ බවයි.    

අනතුරුව  නිදහස් පක්ෂයේ ප්‍රකාශනයක් වූ සිරිලක පුවත්පත සහ 64 වන සංවත්සර සමරු කළාපය මහලේකම්වරයා විසින් ජනාධිපතිවරයා ඇතුලූ පිරිසට ප්‍රදානය කළා. කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය සරත් විජේසූරිය විසින් සංවත්සර සැමරුම් උත්සවයේ විශේෂ දේශනය සිදුකළේ ඉන් අනතුරුවයි.  

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  නිදහස් පක්ෂ 64 වන සංවත්සරය ඇමතුවේ ඉන් අනතුරුවයි. වසරක කාලයක් තුළ දේශපාලනයේ වෙනස්කම් රැසක් සිදුවුවත් නිදහස් පක්ෂයේ සියලූදෙනා එකම වේදිකාවක සිටීම සුබවාදී දෙයක් ලෙසයි ජනාධිපතිවරයා හඳුන්වනු ලැබුවේ.



 මේ අතර ශ්‍ර‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වන සංවත්සර සැමරුමට සමගාමීව අද දිනය පුරා විවිධ සර්ව ආගමික වැඩසටහන් ද සංවිධාන කර තිිබුණා.  
   
---------------------Update----------------------------------------------

වත්මන් සහ හිටපු ජනපති 64 දී සමීපවෙයි - චන්ද්‍රිකා නැහැ

නිදහස් පක්ෂයේ 64 වන සංවත්සර සැමරුම පොළොන්නරුව - කඳුරුවෙල - රජරට නවෝද්‍යා ක්‍රීඩාංගණයේදී ස්වරුවේ ආරම්භ වූවා. ඒ පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.



මෛත්‍රීපාල සිරිසේන  නිදහස් පක්ෂයේ නායකත්වයට මෙන්ම ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පවත්වන පක්ෂයේ පළමු සංවත්සර උත්සවය මෙයයි.

රටේ සහ ජනතාවගේ අනාගතය වෙනුවෙන් අභියෝගවලට මුහුණදෙමින් ඉදිරියට යා යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ   සංවත්සර සැමරුම පොළොන්නරුව - පුලතිසි නවෝදය ක්‍රීඩාංගණයේදී අද (02) අමතමින්.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද එම අවස්ථාවට එක්ව සිටීම විශේෂත්වයක්.

වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා  සඳහන් කළේ ප්‍රජාතන්ත්‍රවාදී රටක ආණ්ඩු වෙනස්වීම අරුම පුදුම දෙයක් නොවන බවයි. මීළඟ මැතිවරණයේදී ජයග්‍රහණය ලබාගැනීම සඳහා  නිදහස් පක්ෂය වගකීම් සහ යුතුකම් ඉටුකරමින් කටයුතු කළ යුතුයි. වසරක් තුළ දේශපාලන සමාජයේ වෙනස්කම් සිදුව තිබෙනවා. එහෙත්  නිදහස් පක්ෂයේ සියලූදෙනා අදටත් එකම වේදිකාවේ සිටින බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී අවධාරණය කළේ.




මහා සංඝ රත්නය, අන්‍යාගමික පූජකවරුන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙන්ම  හිටපු අගමැති දී.මු. ජයරත්න ඇතුළු පක්ෂයේ ඡ්‍යෙෂ්ඨන්,  මැති ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරුන් සහ පක්ෂ සාමාජිකයන් ඇතුලූ විශාල පිරිසක් සංවත්සර සැමරුම් උත්සවයට සහභාගි වී සිටිනවා.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මේ වන තෙක් ඊට පැමිණ නොමැති බව අප වාර්තාකරු සඳහන් කළා.





 

 
















(ඡායාරූප - රොෂාන් තුෂාර)