Update: ගෝඨාභය ඇතුලූ පිරිසකගෙන් පැය 4 ක් ප්‍රශ්න කරයි

Thursday, 03 September 2015 - 9:45

Update%3A+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+4+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම වෙත අද පෙරවරුවේ පැමිණි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ පිරිසකගෙන් පැය 4 කට ආසන්න කාලයක් ප්‍රශ්න කර තිබෙනවා. එම කොමිසමේ ලේකම් පාර්ලිමේන්තුවේ හිටපු පරිපාලන අධ්‍යක්ෂ ලැසිල් ද සිල්වා කියා සිටියේ හෙට දිනයේ සහ ඉදිරි දින දෙකකදී මොවුන්ගෙන් යළිත් ප්‍රශ්න කිරීමට නියමිත බවයි. රක්නාලංකා සමාගම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුවයි හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙම කොමිසම හමුවට කැඳවා තිබුණේ.



Wednesday, 03 September 2015 - 14:26
------------------------------------------------------

බරපතල වංචා සෙවීමට  ගෝඨාභය කැඳවයි


හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශයක් ලබාදීම සඳහා බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම වෙත අද (03) පෙරවරුවේ පැමිණියා. එහි ලේකම්, පාර්ලිමේන්තුවේ හිටපු පරිපාලන අධ්‍යක්ෂ ලැසිල් ද සිල්වා කියා සිටියේ රක්නාලංකා සමාගම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙලෙස හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙම කොමිසම වෙත පැමිණ ඇති බවයි.

පසුගිය 24 වැනිදා ද ගෝඨාභය රාජපක්ෂ මෙම කොමිසම වෙත පැමිණියා. එහිදී ඔහු පැය 6 ක කාලයක් අදාළ කොමිසම හමුවේ ප්‍රකාශ ලබාදී තිබුණා.

රක්නාලංකා සමාගමේ සේවකයන් 500 දෙනෙකු පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරයට යොදාගැනීම එම පැමිණිල්ලේ පළමු චෝදනාවයි. එම සේවකයන් 500 දෙනාගේ පුරප්පාඩුවට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් 150 දෙනෙකු බඳවාගෙන එම දෙපාර්තමේන්තුවේ නිල ඇඳුම වෙනුවට වෙනත් නිල ඇඳුමක් එම නිලධාරින්ට ලබාදීම සහ එම සමාගමට අයත් අවි ආයුධ කුලියට ලබාදීම පැමිණිල්ලේ  අනෙක් චෝදනාව වනවා.

Wednesday, 03 September 2015 - 12:58
------------------------------------------------------

ගෝඨාභය රාජපක්ෂ බරපතල වංචා සහ දූෂණ සොයන ජනාධිපති කොමිසමට පැමිණෙයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම වෙත මේ වනවිට පැමිණ තිබෙනවා. එහි ලේකම්, පාර්ලිමේන්තුවේ හිටපු පරිපාලන අධ්‍යක්ෂ ලැසිල් ද සිල්වා කියා සිටියේ රක්නාලංකා සමාගම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙලෙස හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙම කොමිසම වෙත පැමිණ ඇති බවයි. පසුගිය 24 වැනිදා ද ගෝඨාභය රාජපක්ෂ මෙම කොමිසම වෙත පැමිණියා.

රක්නාලංකා සමාගමේ සේවකයන් 500 දෙනෙක් පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරයට යොදාගැනීම සහ එම සමාගමට අයත් අවි ආයුධ කුලියට දීම ඇතුලූ කරුණු 3 ක් සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව පැමිණිලි ලැබී තිබෙනවා.