සාජා සිට දුම්වැටි ගෙනා කතක් සහ පිරිමියෙක් මාට්ටු

Thursday, 03 September 2015 - 14:29

%E0%B7%83%E0%B7%8F%E0%B6%A2%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනා දුම්වැටි තොගයක් සමඟ කාන්තාවක් සහ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද අලූයම 5 යි 30 ට සාජා සිට මෙරටට පැමිණි මොවුන් සිය ගමන් බෑගය තුළ සූක්ෂම ලෙස අසුරා දුම්වැටි 44 දහස් 140 ක් රැගෙන විත් තිබෙනවා. මෙම දුම්වැටිවල වටිනාකම රුපියල් හාරලක්ෂ 41 දහස් 400 ක් බවයි රේගුව සඳහන් කළේ. කොළඹ ප්‍රදේශයේ පදිංචි මොවුන් දඩ නියම කිරීමෙන් පසුව මුදාහැර ඇති අතර දුම්වැටි තොගය රාජසන්තක කර තිබෙනවා.