මායාදුන්නේ වෙනුවට බිමල්

Friday, 04 September 2015 - 7:49

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A
ඊයේ (03) දිනයේ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී සරත් මායාදුන්නේ වෙනුවට එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක නම් කර තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් පසුගිය මහමැතිවරණයට ඉදිරිපත්ව පරාජයට පත්වූ බිමල් රත්නායක ඒ සඳහා නම් කර ඇත්තේ ඊයේ රාත්‍රීයේ රැස් වූ මධ්‍යම කාරක සභා රැස්වීමේදීයි.